පස් වැලි බොරළු බලපත්‍ර ලබාගැනීම
බලපත්‍ර ලබාගැනීම සඳහා ඉදිරිපත් කල යුතු ලියකියවිලි.
- අවශ්‍ය ඛණිජ වර්ගය.
- ඛණිජ ප්‍රමාණය .
- ඛණිජ ලබාගැනීමට අවශ්‍ය ඉඩම / ගඟ.
- ඉඩමේ ඔප්පු පිටපත් / පිඹුරු පිටපත් හා තමාට අයිති බවට තහවුරු කිරීමේ ලියකියවිලි.
- වැලි / පස් / බොරළු අවශ්‍යතාව සනාත කිරීම සඳහා සාක්ෂි පත්.ර ( උදා: නිවසක් අත්තිවාරම් තැනීමකදී ඉඩමේ අනුමත සැලැස්මේ පිටපතක්)
- ඛණිජ ලබාගන්නා සහ රැස් කරන ස්ථානය පිලිබඳ සවිස්තර පරිසර වාර්තාවක් ග්‍රාම නිලධාරි විසින් ලබාදිය යුතුය.
- ප්‍රාදේශීය ලේකම් විසින් නියම කරනු ලබන වෙනත් ලිපි ලේඛන (උදා: ව්‍යාපෘතියකින් පස් ලබාගැනීමේදී, පස් ලබාගැනීම තහවුරු කරමින් ලිපියක් ඉදිරිපත් කල යුතුයි)
මෙම සියලු ලිපි ලේඛන ග්‍රාම නිලධාරි විසින් සහතික කර අයදුම් පත සමග ඉදිරිපත් කල යුතුයි.
කොස් / දෙල් / ගැහැණු තල් හෙලීම් බලපත්‍ර ලබාගැනීම
බලපත්‍ර ලබාගැනීම සඳහා ඉදිරිපත් කල යුතු ලියකියවිලි
- ඉල්ලීමේ ලිපිය
- ඉඩමේ ඔප්පුව (ග්‍රාම නිලධාරි සහතික කරන ලද)
- ග්‍රාම නිලධාරි නිර්දේශය
- අධිකරණ තීන්දු මත හෙලීමට තීන්දු කරන ලද සස නම් එම නඩු තීන්දුවේ පිටපත (ග්‍රාම නිලධාරි විසින් සහතික කරන ලද)
- සංවර්ධන කාර්යයක් නම් ඒ බව සනාත කරන ලිපිවල පිටපත්
- නිවසට අවශ්‍ය දැව සපයා ගැනීමට / ඉදිකිරීමේ සැලැස්මට අයත් නම් අදාළ පළාත් පාලන ආයතනය අනුමත කල සැලැස්මේ පිටපතක් (ග්‍රාම නිලධාරි විසින් සහතික කරන ලද) පවතින නිවස අලුත්වැඩියා කිරීමට නම් ඒ සඳහා වඩු කාර්මිකයෙකුගෙන් ලබාගන්න ලද දැව ලැයිස්තුව (එම ලැයිස්තුව හෙලීමට ඉල්ලා ඇති ගසෙන් ලබාගත හැකිද යන්න ග්‍රාම නිලධාරි මගින් සහතික කල යුතුය)
- ඉදිකිරීමේ සැලැස්මට අයත් නම් එම ගස් අදාල ගොඩනැගිලි සැලැස්මේ සලකුණු කිරීම
- ස්වභාවික හේතු මත මැරී / ඉදිරී ඇති / රෝග ඵල නොදරන යන හේතුන් වලට අයත් වන්නේ නම් කෘෂිකර්ම උපදේශක වාර්තාව (මෙම කාර්යාලය විසින් ලබාගනු ඇත)
- ගස් හෙලීමට ඉල්ලීම කරනුයේ පවුලේ අපදාමය තත්වයක් හේතු කොටගෙන නම් එම අපදාමය තත්වය සනාථ කෙරෙන පිළිගත හැකි ලිපි ලේඛන.
- හවුල්කරුවන් සිටින්නේ නම් ඔවුනගේ ලිඛිත එකඟතාවය (ග්‍රාම නිලධාරි විසින් සහතික කරන ලද) හවුල්කරුවෙකු මියගොස් ඇත්නම් ඔහුගේ/ඇයගේ කලත්‍රයාගේ හා සියලුම දරුවන්ගේ ලිඛිත එකඟතාව සමග ඔහුගේ/ඇයගේ මරණ සහතිකයේ පිටපතක් ග්‍රාම නිලධාරීගේ සහතිකය සමග ඉදිරිපත් කල යුතු වේ.
- අතු පමණක් ඉවත් කොට අනතුරුදායක බව තුරන් කල හැකි අවස්ථාවල දී එම අතු කැපීම සඳහා පමණක් ඉල්ලුම් කල යුතුය.
- ඔප්පුවේ පත්ඉරු (මාස 03ක් ඇතුලත)
කිතුල් නිෂ්පාදන කාර්මිකයින් ලියාපදිංචි කිරීම
පහත සඳහන් කිතුල් නිෂ්පාදනයන්හි නිරතව සිටින පිරිස් මෙම වැඩපිළිවෙල යටතේ කිතුල් කාර්මිකයින් ලෙස සැලකේ.
- ඇල් හෙළි දිය සඳහා කිතුල් මල් මදින්නන්
- කිතුල් පැණි හකුරු නිෂ්පාදකයින්
- කිතුල් ආශ්රිත වෙනත් ආහාර හා මධ්‍යසාර අඩංගු නොවන බීම වර්ග නිෂ්පාදකයින්
- කිතුල් ආශ්රිත අමුද්‍රව්‍ය යොදාගන්නා කර්මාන්ත කරුවන් / හස්ත කර්මාන්ත ශිල්පීන්
ලියාපදිංචිය සඳහා අවශ්‍ය සුදුසුකම්
- වයස අවුරුදු 18ට නොඅඩු වීම. (ස්ත්‍රී / පුරුෂ දේපක්ෂයටම අයදුම් කල හැක)
- අදාළ ග්‍රාම නිලධාරි කොට්ටාශයේ ස්ථිර පදිංචිකරුවෙකු වීම.
- ඉහත (I) සිට (II) දක්වා වූ කිසියම් කිතුල් නිෂ්පාදන කර්මාන්තයක යෙදී සිටින කිතුල් කාර්මිකයෙකු වීම.
- පසුගිය ආසන්නතම වසරක කාලය තුල සුරාබදු අඥාපනත යටතේ කිසිදු වරදකට වරදකරුවෙකු නොවීම.
කිතුල් ආශ්රිත නිෂ්පාදකයින් සඳහා ලියාපදිංචි කිරීම
සුදුසුකම්
- කිතුල් කාර්මිකයෙකු ලෙස ලියාපදිංචි සිටීම
- කිතුල් කාර්මිකයෙකු ලෙස නොකඩවා 6 මසකට නොඅඩු කාලයක සිට එම ව්‍යාපාරයේ නියැලෙන්නෙක් වීම
- ලියාපදිංචියෙන් පසු සුරාබදු අඥාපනත යටතේ කිසිදු වරදකට වරදකරුවෙකු නොවීම.
අයදුම් කිරීම
- ඉහත සඳහන් සුදුසුකම් සපුරන්නන් හැඳුනුම්පතක් ලබාගැනීම සඳහා ඇමුණුම v පරිදි සලස් කල අයදුම්පතක් තමා ස්ථිරවම පදිංචි කොට්ටාශයේ ග්‍රාම නිලධාරිවරයා වෙත ඉදිරිපත් කල යුතුය.
- අයදුම්පත සඳහා නිසි පරිදී සකස් කරන ලද ඇමුණුම vi ආකෘති පත්‍රය හා 6 මසකට නොවැඩි කාලයක් තුල ලබාගත් පාස්පෝට් ප්‍රමාණයේ (සේ.මී. 3.5 x සේ.මී. 4.5) වර්ණ ඡායාරූප 3ක් ද ඉදිරිපත් කල යුතුය.
- එක් ඡායාරූපයක් අයදුම්පතටද තවත් ඡායාරූපයක් ඇමුණුම vi ටද ඇලවිය යුතු අතර එම ඡායාරූප මත ග්‍රාම නිළධාරි අත්සන හා නිළ මූද්‍රාව තබා සහතික කල යුතුය. අනෙක් ඡායාරූපය හැඳුනුම්පත සකස් කිරීම සඳහා ඇමුණුම vi ආකෘතිය සමග ප්‍රාදේශීය ලේකම් වෙත එවිය යුතුය.
- හැඳුනුම්පත් ගාස්තුව වශයෙන් "ප්‍රාදේශීය ලේකම්" නමින් ලබාගත් රු.200.00 ක මුදල් ඇණවුමක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයදුම්පත සමග ඉදිරිපත් කල යුතුය.














