ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම
අවශ්‍ය ලිපි
- වෙළඳ බලපත්‍රයේ ග්‍රාම නිලධාරි සහතික කල පිටපතක් (අදාළ පළාත් පාලන ආයතනයෙන් විය යුතුයි)
- අයදුම්පතේ රු. 5/= මුද්දර අලවා තිබිය යුතුයි. හවුල් ව්‍යාපාරයක් නම් පසු පිටේ රු.50/= ක් මුද්දරයක් මත සාමදාන විනිශ්චකාරයෙකු ඉදිරියේ අත්සන් කල
- ව්‍යාපාරය පවත්වාගෙන යන ඉඩමේ ඔප්පුවේ ග්‍රාම නිලධාරි සහතික කල පිටපතක් ඉඩමේ ඔප්පුවට අදාලව දින 14ක් ඇතුලත ලබා ගත පත්ඉරුව (ව්‍යාපාර ස්ථානයට අදාළ බවට ග්‍රාම නිලධාරි විසින් නිර්දේශ කල යුතුය)
- වෙනත් අයිතිකරුවෙකු සතු ඉඩමක් නම් අයිතිකරුගේ කැමැත්ත සාමදාන විනිශ්චකරුවෙකු ඉදිරියේ කල දිවුරුම් ප්‍රකාශයක් මගින් (රු.50/= සහිතව) ඉදිරිපත් කල යුතුයි. බදු හෝ කුලී පදනම් නම් ගිවිසුම් වල පිටපත් ග්‍රාම නිලධාරි සහතික කර තිබිය යුතුයි.
- ව්‍යාපාරික ස්ථානය පදිංචි වසමේ නොව නම්. තමන් පදිංචි වසමේ ග්‍රාම නිලධාරි මගින් ලබා ගන්නා ලද පදිංචි සහතිකය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අනු අත්සන් කර තිබිය යුතුය.
- ජාතික හැඳුනුම්පතේ පිටපත ග්‍රාම නිලධාරි විසින් සහතික කල යුතුය.
- පැහැදිලිව ව්‍යාපාරයේ නම් , ලිපිනය හා දුරකථන අංක සඳහන් නාම පුවරුවක ඡායා රූපයක්.
- ව්‍යාපාරයේ ස්වභාවය අනුව ඉදිරිපත් කල යුතු වෙනත් ලිපි ලේඛන
( උදා: I. පැළ තවාන් හා බීජ අලෙවිය - කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිර්දේශය (කෘෂි උපදේශක)
II. ආරක්ෂක සේවා - පොලිස් වාර්තා, ආරක්ෂක අමාත්‍යංශයේ නිර්දේශය
III. ගොඩනැගිලි ඉදිකිරීමේ කොන්ත්‍රාත් කටයුතු - ICTAD සහතිකය, පෙර ව්‍යාපෘති අධ්‍යන සහතිකවල පිටපත්, යන්ත්‍ර සූත්‍ර හා ගබඩා පහසුකම් ඇතිබවට, සේවකයන් සංඛ්‍යා ඇතුලත් ග්‍රාම නිලධාරි මගින් සහතික කරන ලද ලිපි)
* ව්‍යාපාරිකයා රජයේ සේවයේ නියුතු අයෙකු නම්, ව්‍යාපාරයේ නියුක්ත වීමට ආයතන ප්‍රධානියා නිකුත් කරන ලද විධිමත් අනුමැතියේ පිටපතක්
* බලපත්‍ර ගාස්තු රු.250/= කි, ප්‍රමාද ගාස්තු රු.80/= කි (වෙනස් විය හැක)
මුල්වරට හැදුනුම්පතක් ලබාගැනීම
අවශ්‍ය ලේඛන
- මෑතකදී ලබාගත් උප්පැන්න සහතිකය හා එහි ඡායා පිටපත
- ඡායාරූප සඳහා ස්ටුඩියෝ එකෙන් ලබාදෙන කොලය
- රැකියාව හැදුනුම්පතට ඇතුලත් කළ යුතු නම් මාස 06ක් ඇතුලත ලබාගත් සේවා සහතිකයක්
- අවුරුදු 16ට වැඩිනම් පු.ලි.දෙ/මෙ/02/03 ආකෘතිය හා රු.250/-ක් ගෙවු කුවිතාන්සිය
- රු.45 ක මුද්දර ඇලවු ලිපිනය නොලියු දිග ලිපි කවරයක්
(අයදුම්පත් ගාස්තු රුපියල් 100/-)
සංශෝධන හැදුනුම්පතක් ලබාගැනීම
අවශ්‍ය ලේඛන
- මෑතකදී ලබාගත් උප්පැන්න සහතිකය හා එහි ඡායා පිටපත
- ඡායාරූප සඳහා ස්ටුඩියෝ එකෙන් ලබාදෙන කොලය
- රැකියාව හැදුනුම්පතට ඇතුලත් කළ යුතු නම් මාස 06ක් ඇතුලත ලබාගත් සේවා සහතිකයක්
- දැනට භාවිතා කරන හැදුනුම්පත
- හැදුනුම්පතේ අංකය අපහැදිලි නම් හැදුනුම්පත් අංකයට ලිඛිත සාක්ෂියක්
- රු.45 ක මුද්දර ඇලවු ලිපිනය නොලියු දිග ලිපි කවරයක්
(අයදුම්පත් ගාස්තු රුපියල් 250/-)
නැතිවු හැදුනුම්පතක් ලබාගැනීම
අවශ්‍ය ලේඛන
- මෑතකදී ලබාගත් උප්පැන්න සහතිකය හා එහි ඡායා පිටපත
- ඡායාරූප සඳහා ස්ටුඩියෝ එකෙන් ලබාදෙන කොලය
- රැකියාව හැදුනුම්පතට ඇතුලත් කළ යුතු නම් මාස 06ක් ඇතුලත ලබාගත් සේවා සහතිකයක්
- මාස 06ක් ඇතුලත ලබාගත් පොලිස් පැමිණිල්ල
- හැදුනුම්පතේ අංකයට ලිඛිත සාක්ෂියක් ( පැරණි හැදුනුම්පතේ පිටපත හැර) ( බැංකු පොතක ඡායා පිටපතක්,රියදුරු බලපත්‍රයේ ඡායා පිටපතක්,වලංගු ගුවන් ගමන් බලපත්‍රයේ ඡායා පිටපතක්) මේ කිසිවක් නොමැති නම් ඉල්ලුම්කරුගෙන් ඒ බව සඳහන් කර ලබාගත් ලිපිය වසම භාර ග්‍රාම නිලධාරි විසින් නිර්දේශ කර ප්‍රාදේශීය ලේකම් අනු අත්සන් කළ යුතුය.
- රු.45 ක මුද්දර ඇලවු ලිපිනය නොලියු දිග ලිපි කවරයක්
(අයදුම්පත් ගාස්තු රුපියල් 500/-)
සාමාන්‍ය සේවය යටතේ හැදුනුම්පතක් සකස් කර ගැනීම
වසම භාර ග්‍රාම නිලධාරි විසින් සම්පූර්ණ කරන ලද හැදුනුම්පත් ඉල්ලුම්පත්‍රය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හැදුනුම්පත් අංශයට ගෙනවිත් භාරදුන් පසු පරීක්ෂා කර බලා අඩුපාඩු නොමැතිනම් ප්‍රාදේශීය ලේකම්ගේ අනු අත්සනට යොමු කර ප්‍රධාන කාර්යාලයේ පරිගණක පද්ධතියට ඇතුලත් කිරිම සිදු කරයි.(SCAN හා EQD). ඉන්පසු ප්‍රධාන කාර්යාලයෙන් හැදුනුම්පත මුද්‍රණය කර ඉල්ලුම්කරුගේ ඉල්ලුම්පත්‍රයේ සඳහන් ලිපිනයට ලි.ප.තැ යොමු කරයි.
එක් දින සේවය යටතේ හැදුනුම්පතක් සකස් කර ගැනීම
වසම භාර ග්‍රාම නිලධාරි විසින් සම්පූර්ණ කරන ලද හැදුනුම්පත් ඉල්ලුම්පත්‍රය ඉල්ලුම්කරු විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හැදුනුම්පත් අංශයට ගෙනවිත් භාරදුන් පසු පරික්ෂා කර බලා අඩුපාඩු නොමැතිනම් ප්‍රාදේශිය ලේකම්ගේ අනු අත්සනට යොමු කර ප්‍රධාන කාර්යාලයේ පරිගණක පද්ධතියට ඇතුලත් කර එක් දින සේවයෙන් ඉල්ලුම් පත්‍රය ලබා ගැනිමට අංකයක් වෙන් කර ඉල්ලුම්කරුට ඉල්ලුම් පත්‍රය සමඟ භාර දී නියමිත දිනයට සහ වේලාවට බත්තරමුල්ලේ පිහිටි පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවට ගොස් භාරදිය යුතුය.නියමිත දිනයේදී ඉල්ලුම්කරුට ප්‍රධාන කාර්යාලයෙන් හැදුනුම්පත නිකුත් කරන අතර ඒ සඳහා රු.1000 ක ගාස්තුවක් අය කරනු ලැබේ.
පාසැල් ඉල්ලුම්පත්‍ර සම්බන්ධ කටයුතු
කොට්ඨාශයට අයත් පාසැල්වල අ.පො.ස (සා /පෙළ) විභාගයට පෙනී සිටින අයදුම්කරුවන් සඳහා හැදුනුම්පත් සකස් කිරිමට අවශ්‍ය ඉල්ලුම්පත්‍ර හා QR ස්ටිකර් නිකුත් කිරීම සිදු කරයි.පාසැල් වලින් සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත්‍ර හැදුනුම්පත් අංශයට ගෙනවිත් භාරදුන් විට ඒවායේ අඩුපාඩු පරීක්ෂා කර බලා ,ඉල්ලුම් පත්‍ර සඳහා මුදල් ගෙවිමට PIV සකස් කර ලබාදීම සිදු කරයි.ඉන් පසු ඉල්ලුම් පත්‍රයේ 5 වන පිටුවෙහි ගාස්තු ගෙවිම් පිළිබඳ විස්තර කොටසෙහි උපලේඛන අංකය ,ගාස්තු ගෙවා සරප්ගෙන් ලබා ගත් කුවිතාන්සියේ අංකය සඳහන් කර දිනය හා අත්සන තබා එම ඉල්ලුම්පත්‍ර ප්‍රධාන කාර්යාලයේ ලිපිනයට ලි.ප.තැ.යොමු කරන ලෙස උපදෙස් ලබාදීම සිදුකරයි.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව,
10 වන මහල, සුහුරුපාය,
ශ්‍රී සුභූතිපුර පාර,
බත්තරමුල්ල.
දු.අංකය - 011-5226100
ෆැක්ස් - 011-2862198
ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයක්, හදිසි / හඳුනාගැනීමේ සහතිකයක් ලබාගැනීම
අයදුම්පත බාගත කරන්න ![]()














