ප්‍රාදේශීය ලේකම් |
|||
![]() |
නම | T.M.P.S.B. තෙන්නකෝන් | |
| සුදුසුකම් |
|
||
| රැකියා |
|
||
| ඇමතුම් |
+94 66 2244207 +94 71 654 9349 This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
||
සහකාර ප්‍රාදේශීය ලේකම් |
|||
![]() |
නම | ආර්.එල්. ජයවර්ධන මහත්මිය | |
| සුදුසුකම් | ශාස්ත්‍රපති | ||
| රැකියා ඉතිහාසය |
202 4 - සහකාර ප්‍රාදේශීය ලේකම්, යටියන්තොට 2024 -2025 - සහකාර ප්‍රාදේශීය ලේකම්, පල්ලේපොල 2026 - සහකාර ප්‍රාදේශීය ලේකම්, උකුවෙල |
ෙ | |
| ඇමතුම් |
+94 66 2242628 / +94 71 442 5968 aThis email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
||
ගණකාධිකාරී |
|||
![]() |
නම | එච්.එම්.ඩබ්.ජී.ටී. නිල්මිණී මහත්මිය | |
| සුදුසුකම් |
|
||
| රැකියා ඉතිහාසය |
|
||
| ඇමතුම් |
+94 66 2242128 / +94 78 515 5715 This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
||
සහකාර අධ්යක්ෂ (සැලසුම්) |
|||
![]() |
නම | කේ.එන් රත්නායක මිය. | |
| සුදුසුකම් |
|
||
| රැකියා ඉතිහාසය |
|
||
| ඇමතුම් |
+94 66 2243652 / +94 71 2714960 This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
||
පරිපාලන නිලධාරී |
|||
![]() |
නම | බී.එන් දමයන්ති මහත්මිය | |
| සුදුසුකම් | ශ්‍රාස්ත්‍රවේදී කලා උපාධිය - කොළඹ විශ්ව විද්‍යාලය | ||
| රැකියා ඉතිහාසය | පරිපාලන නිලධාරී - ප්‍රදේශීය ලේකම් කාර්යාලය, රත්තොට | ||
| ඇමතුම් |
+94 66 2244397: Ext: 205 / +94 71 4979301 This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
||
පරිපාලන ග්‍රාම නිලධාරී |
|||
![]() |
නම | ඩී.ජී.ආර්. දේශප්‍රිය | |
| සුදුසුකම් | |||
| රැකියා ඉතිහාසය |
2024 - උකුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය |
||
| ඇමතුම් | +94 66 2244397, +94716343973 | ||
අපගේ දැක්ම
සේවාලාභී අභිවෘද්ධියෙන් විශිෂ්ටත්වය කරාඅපගේ මෙහෙවර
රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකුලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය සහ ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම තිරසාර හා සැලසුම්සහගත ඵලදායී සංවර්ධන ක්‍රියාවලියක් තුලින් ප්‍රදේශයේ ජන දිවිය නංවාලීම.How to reach Ukuwela - Divisional Secretariat?
To reach Ukuwela-divisional secretariat, firstly one should reach Ukuwela town which in-turn can be reached:
- By traveling via Kandy – Wattegma - Matale route (bus No.636), and then by traveling just 100m southward from Ukuwela town on Ukuwela - Kalalpitiya road.
- By traveling via Kandy – Matale A9 main road and then getting down on either Elwala junction or Kalapitiya junction: from one of these junctions, one should travel about 2Km to reach Ukuwela-divisional secretariat.
භූගෝලීය පිහිටීම හා පසුබිම හැඳින්විම
මාතලේ දිස්ත්‍රික්කයට දකුණු හා ගිණිකොන දිග සීමා ඇතිකරමින් පිහිටියාවු උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය රත්තොට ඡන්ද බල ප්‍රදේශයට අයත් උකුවෙල උප නගරය භූගෝලීය ලක්ෂණ විදහාපාන අලංකාර නගරයකි. උතුරින් රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් හා මාතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන්ද, දකුණින් මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර හා හාරිස්පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන්ද, නැගෙනහිරින් නකල්ස් කඳුවැටියේ බටහිර බෑවුම්වලින් හා බටහිරින් කුරුණෑගල දිස්ත්‍රික් මායිමෙන්ද මායිම් වේ.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල ග්‍රාම නිලධාරි වසම් 73 ක් පවතින අතර ගම් 228 කින් සමන්විත උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය අයත් වන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට මැතිවරණ කොට්ඨාශයටය.උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ විශාලත්වය වර්ග කිලෝ මීටර් 74.59 කි. (හෙක්ටයාර් 7458.82 කි). උකුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිට වත්තේගම-මාතලේ ප්‍රධාන මාර්ගය ඔස්සේ කිලෝ මීටර් 6 ක දුරකින් මාතලේ නගරයට ලඟාවිය හැකිය.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 ක් පමණ වේ. සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 2000 කට ආසන්නය. වැඩිම වර්ෂාපතනය මෝසම් සුළං මත පදනම් වී ඇති අතර,ඊසාන දිග මෝසම් සුළං හමන සැප්තැම්බර් සිට ජනවාරි දක්වා කාල පරාසය තුල ප්‍රදේශයට වැඩිම වර්ෂාපතනයක් ලැබේ.
භූගෝලීය පිහිටිම
වර්ග කිලෝමීටර් 74.59 ක භූමි භාගයක් පුරා පැතිරි ගිය උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය මුහුදු මට්ටමේ සිට අඩි 1000 කට වඩා උසින් පිහිටි ප්‍රදේශයකි. ද්‍රෝණිගත පිහිටිමක් පෙන්නුම් කරන මාතලේ දිස්ත්‍රික්කයට අයත් උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයද, ද්‍රෝණිගත පිහිටිමක් පෙන්නුම් කරයි. මධ්‍යම කඳුකරයට අයත් ප්‍රදේශයක් වන මෙය කඳුකර කලාපයට අයත් පාෂාණ වලින් සමන්විත වේ. ප්‍රදේශය නිර්මාණය වී ඇති ග්‍රැනයිට් ග්‍රැනයිස් නම් පාෂාණයට අමතරව හොන්බෙලන්ඩ්ස් බයෝටයිට් ග්‍රැනයිස්,ක්වාට් සයිට්,කැලක් ග්‍රැනයිස් හා ග්‍රැනලයිට්ස් යන පාෂාණ වර්ග බහුල ලෙස ප්‍රදේශය පුරා දැකගත හැකිය. වර්තමානයේ නකල්ස් හා හුන්නස්ගිරි කඳු පංති ආශ්‍රිත ප්‍රදේශ නායයාමේ තර්ජනයට ලක්වී ඇත.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දිශානුගත පිහිටිම පිළිබඳව සලකා බලන විට අවශ්‍යයෙන්ම සදහන් කල හැකි කඳු පංති, ගිරිදුර්ග හා කපොලු කිහිපයකි. ගිණිකොනින් හුන්නස්ගිරි කඳු පංතියෙන්ද,දකුණින් ගුරුඑහෙල කඳු පංතියෙන්ද (අඩි 2570), නිරිත දිගින් පන්සල්තැන්න කඳු වැටියෙන්ද (අඩි 2500),බටහිරින් ඕවිලිකන්ද කඳු වැටියෙන්ද (අඩි 2100) උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය වටවී ඇත. බලකඩුව ගිරිදුර්ගය හා උකුවෙල - වත්තේගම කපොල්ල ඔස්සේ ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳුකරය හා උතුරු ප්‍රදේශ සම්බන්ධ කෙරෙන මාර්ග පද්ධතිය පිහිටා ඇත. එසේම විල්ෂෙයාර් සහ මකුලුස්ස කඳු අතරින් වැටී ඇති මොරහෙල කපොල්ල හරහා බටහිර ප්‍රදේශ සම්බන්ධ කෙරේ
1972-06-01 දින සිට සේවය කල ආයතන ප්‍රධානීන්
| නම | සිට | දක්වා |
| එඩ්වඩ් වීරසිංහ | 1972-06-01 | 1975-12-31 |
| එම්.එම්.පී වික්‍රමරත්න | 1976-01-01 | 1976-12-31 |
| ජේ. වීරවර්ධන | 1977-01-01 | 1977-08-11 |
| වර්නන් මාපිටිගම | 1977-08-12 | 1983-12-31 |
| ඩබ්.ඒ.බී.ආර්. ගුණරත්න | 1984-01-01 | 1989-05-31 |
| ටී.ජී.යූ.බී. තාඹුගල | 1989-06-01 | 1992-08-02 |
| ආර්.එම්. චන්ද්‍රසේකර | 1992-02-13 | 1992-08-02 |
| ආර්.කේ.ජි. ගුණවර්ධන | 1992-08-03 | 1992-08-18 |
| පී.ඒ.ජි ජයවර්ධන | 1992-08-19 | 1995-01-01 |
| ජී.එච් ජයවීර | 1995-01-02 | 2006-02-02 |
| පී.එච්.එස්.එච් බොරලැස්ස | 2006-02-03 | 2008-09-07 |
| කේ.ජී. උපාලි රණවක | 2008-09-08 | 2010-07-25 |
| එල්.ඒ. සුජාතා විජේසිංහ | 2010-07-26 | 2011-04-26 |
| ඊ.ඩබ්.එන්.ඒ. එගොඩවෙල | 2011-05-20 | |
| එස්.එන්.කේ සේරසිංහ | 2019-10-01 |





















