-
මුල් පිටුව
-
පුවත් සහ සිදුවීම්
- Service Cluster
සමෘද්ධි අංශය
- ඔබ සමෘද්ධි ප්රතිලාභ ලැබීමට සුදුසු පුද්ගලයෙක් නම් සමෘද්ධි සහනාධාර ඉල්ලුම් කිරීමට පහත ආකෘතිය සම්පූර්ණ කර ප්රාදේශීය ලෙකම් කාර්යාලයට බාර දෙන්න.
- ඔබට සමෘද්ධි සහනාධාර හිමි වීමෙන් පසු සමාජ ආරක්ෂණ අරමුදලට දායක වීම සඳහා පහත ආකෘතිය සම්පූර්ණ කර වසම් බාර සමෘද්ධි සංවර්ධන නිළධාරිට බාර දෙන්න.
- ඔබ සමෘද්ධි ප්රතිලාභියෙක් නම් ඔබගේ පවුලේ දරු උපතක්, විවාහයක්, මරණයක්, රෝහල් ගත වීමක් සිදී වූ විට පහත ආකෘතිය සම්පූර්ණ කර පොදු 35 සමග වසම් බාර සමෘද්ධි සංවර්ධන නිළධාරිට බාර දෙන්න.
- වයස අවුරුදු 70 වැඩිවීම,උසස් අධ්යාපන කටයුතු(විශ්ව විද්යාල අධ්යාපනය) සඳහා, පිළිකා, වකුගඩු, හෘදයාබාධ වැනි රෝග සඳහා අනිවාර්ය ඉතිරි කිරීම් ඉල්ලුම් කිරීමට මෙම ආකෘතිය සම්පූර්ණ කර වසම්භාර සමෘද්ධි සංවර්ධන නිලධාරියාට බාර දෙන්න.
ගැබිණි මව්වරුන් සඳහා රු.20000 ක පෝෂණීය දීමනාවක් ලබාදීමේ වැඩසටහන
උපදෙස්
- ඔබ සහභාගී වන සායන මධ්යස්ථානයෙන් / ප්රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලද අයදුම්පත්රය නිවැරදිව සම්පූර්ණ කර, ඔබ ස්ථිරවම පදිංචි වසමේ ග්රාම නිලධාරිගෙන් පදිංචිය සහතික කර පවුල් සේවා නිළධාරිනියගේ නිර්දේශය සහ දැනට සහභාගී වන මාතෘ සායනයේ සායනභාර වෛද්ය නිලධාරීගේ නිර්දේශය සහිතව ගැබ්ගෙන මාස 03ක් ඉක්මවීමට පෙර ප්රාදේශීය ලේකම් කාර්යාලයේ මුල් ළමා විය සංවර්ධන නිලධාරි හෝ මෙම වැඩසටහන ක්රියාත්මක කරන නිළධාරිට භාර දෙන්න.
- ඔබ විසින් සම්පූර්ණ කරන ලද අයදුම්පත්රය භාර දිය යුත්තේ ඔබ සහභාගී වන මාතෘ සායනය අයත් ප්රාදේශීය ලේකම් කාර්යාලයට වේ.
- ඔබගේ අයදුම්පත්රය සමග ගැබිණි සටහන්පතේ පිටපතක් අමුණා තබන්න.
- ප්රාදේශීය ලේකම් කාර්යාලයෙන් වවුචර්පත් පොත ලද පසු මෙම වැඩසටහනට අදාලව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වෙළඳ ආයතන වෙතින් අදාළ මාසයේ වවුචර්පත්රයට හිමි ආහාර ද්රව්ය ලබාගත හැකිය. එක් වවුචර්පත්රයක වටිනාකම රු.20000 ක් වන අතර එක් ආයතනයකින් එකවර රු.2000 ට සරිලන නිර්දේශිත ද්රව්ය ලබා ගත යුතුය.
- ආහාර ද්රව්ය ලබා ගැනීමේදී වවුචර්පතේ පසුපිටෙහි සඳහන්ව ඇති නිර්දේශිත ආහාර ද්රව්ය පමණක් ලබා ගත යුතුය. එම නිර්දේශිත ආහාර ද්රව්ය වලින් ආහාර වර්ග අවම වශයෙන් 5ක්වත් ලබා ගත යුතු අතර ආහාර කාණ්ඩ කිහිපයක් නියෝජනය වන පරිදි ආහාර වර්ග තෝරා ගත යුතුය.
- නිර්දේශිත ආහාර ද්රව්ය කාණ්ඩ හැර වෙනත් ද්රව්ය කාණ්ඩයන් හෝ මුදල් ගැනීමක් සිදු වූ වහාම ඔබට හිමි සියලු වවුචර්පත්ර අවලංගු කිරීමට සිදු වනු ඇත.
- ඔබ පසු කරන්නේ සුවිශේෂ කාල පරිච්ඡේදයක් බැවින් සැමවිටම වස විසෙන් තොර, ස්වාභාවික පෝෂණ ද්රව්ය ලබා ගැනීම හා යහපත් මානසික තත්වයක් පවත්වා ගැනීම මගින් යහපත් දරුවෙකු බිහි කිරීමේ ගෞරවය ඔබට හිමිවනු ඇත.
අයදුම්පත්රය බාගත කරන්න![]()
සමාජ සේවා සංවිධාන ලියාපදිංචිය
ඉදිරිපත් කල යුතු ලේඛන
- ලියාපදිංචිය සඳහා වන ඉල්ලීම් ලිපිය
- සම්පූර්ණ කරන ලද අයදුම්පත
- ආයතනයේ ව්යවස්ථාව
- ක්රියාත්මක කිරීමට අපේක්ෂිත ව්යාපෘතිය/ක්රියාකාරකම් තොරතුරු (අයවැය විස්තරය සමග)
- නිලධාරි මණ්ඩල තොරතුරු (නම, තනතුර, ලිපිනය, ජා.හැ.අංකය)
- සාමාජික නාම ලේඛනය (නම, ලිපිනය, ජා.හැ.අංකය)
- පළමු රැස්වීම් වාර්තාව සහ අත්සන් ලේඛනය
- ව්යවස්ථාව සම්මත කරගන්නා ලද රැස්වීම් වාර්තාව සහ අත්සන් ලේඛනය
- පෙර ලියාපදිංචි ඇත්නම් එම ලියාපදිංචි සහතික වල පිටපත්.
- අවසන් වරට පවත්වන ලද රැස්වීම් වාර දෙකක වාර්තා හා පැමිණීමේ අත්සන් ලේඛන.
- සහතික කරන ලද විගණන වාර්තාව.
මහජනාධාර ගෙවීම
අවශ්යය සුදුසුකම්
- මාසික ආදායම රු.1500ට වඩා අඩුවීම
- වයෝවෘද්ධභාවය
- ශාරීරික හා මානසික දුබලතාවකින් පෙලීම
- වැන්දඹු, අතහැර ගිය, ස්වාමියා රෝගී හෝ අබාධිත, ස්වාමියා සිරගත වූ කාන්තාවන්
- අවුරුදු 16 අඩු අනාථ හා ශාරීරික හා මානසික අබාධ සහිත දරුවන්
අවශ්යය ලිපි ලේඛන
- ඉල්ලීම් ලිපිය
- ශාරීරික හා මානසික රෝගීන් සඳහා වෛද්ය වාර්තාව
- ග්රාම නිලධාරි හා සමාජ සේවා නිලධාරි නිර්දේශිත ස.සේ.ම.ආ/(01) ආකෘතිය හා ස.සේ.ම.ආ/(02) ආකෘතිය
රෝගාධාර ගෙවීම
අවශ්යය සුදුසුකම්
පහත සඳහන් රෝග වලින් පෙලෙන අඩු ආදායම්ලාභී රෝගීන් වීම
- පිළිකා
- වකුගඩු
- ක්ෂය රෝග
- තැලසීමියා
- ලාදුරු
අවශ්යය ලිපි ලේඛන
- ඉල්ලීම් ලිපිය
- අදාළ රෝගය පිලිබඳ වෛද්ය වාර්තාව
- අදාළ අයදුම්පත
ආබාධිත / මහජනාධාරලාභීන් වෙත පුනරුත්ථාපන ආධාර ගෙවීම (ස්වයං රැකියා ආධාර ලබාදීම)
අවශ්යය සුදුසුකම්
- අබාධිත අයෙකු වීම
- මහජනාධාරලාභියෙකු වීම
- ස්වයං රැකියාවක් කිරීමට හැකියාවක් තිබීම
අවශ්යය ලිපි ලේඛන
- ඉල්ලීම් ලිපිය
- ආබාධිතභාවය පිලිබඳ වෛද්ය වාර්තාව
- අදාළ අයදුම්පත
- ඇස්තමේන්තුව
- ග්රාම නිලධාරි සහතිකය
අවුරුදු 70 ඉක්මවූ අඩු ආදායම්ලාභී වැඩිහිටියන් සඳහා ජීවනාධාර ලබාගැනීම
අයදුම්පත්රය බාගත කරන්න![]()
ආබාධ සහිත පුද්ගලයින් සඳහා ජීවනාධාර ලබාගැනීම
අයදුම්පත්රය බාගත කරන්න![]()
වයස අවුරුදු 60ට වැඩි ජ්යෙෂ්ඨ පුරවැසියන් උලෙසා නොමිලේ ශ්රවණ උපකරණ ලබාගැනීම
අයදුම්පත්රය බාගත කරන්න![]()
වයස අවුරුදු 60ට වැඩි ජ්යෙෂ්ඨ පුරවැසියන් උලෙසා නොමිලේ අක්ෂි කාච ලබාගැනීම
අයදුම්පත්රය බාගත කරන්න![]()
රජයේ වැඩිහිටි නිවාසයකට ඇතුලත් වීම
අවශ්යය සුදුසුකම්
වයස අවුරුදු 60 වැඩිවිය යුතුය
තමන්ව රැකබලා ගැනීමට කිසිවෙක් නැති ජීවත්වීමට කිසිම ආදායම් මාර්ගයක් නොමැති අයෙකු වීම
හොඳ මානසික තත්වයක් තිබිය යුතුය
බෝවන රෝග වලින් හා සමාජ රෝගවලින් නොපෙලිය යුතුය
අවශ්යය ලිපි ලේඛන
ඉල්ලීම් පත්රය
අදාළ අයදුම්පත
ග්රාම නිලධාරි සහතිකය
අයදුම්පත්රය බාගත කරන්න![]()
ආබාධ සහිත වූවන්ට උපකරණ ලබාදීම
අවශ්යය සුදුසුකම්
- අඩු අදයම්ලාභියෙකු වීම
- ආබාධිත පුද්ගලයෙකු වීම
ලබාදෙන උපකරණ
- රෝද පුටු
- ශ්රවණ උපකරණ
- කිහිලිකරු
- අත්වාරු
- ඇස් කණ්නාඩි
- වායු මෙට්ට
- වතුර මෙට්ට
- කැලිපස් සපත්තු
- කෘතීම පාද
- කෘතීම අත්
- සුදු සැරයටි
අවශ්යය ලිපි ලේඛන
- ඉල්ලීම් ලිපිය
- අබල වූවන් පිලිබඳ වාර්තාව
- ග්රාම නිලධාරි සහතිකය
- ආබාධිතභාවය පිලිබඳ වෛද්ය වාර්තාව
ආබාධ සහිත වූවන්ට යටිතල පහසුකම් ලබාදීම
අවශ්ය සුදුසුකම්
- අඩු ආදායම්ලාභියෙකු වීම
- ආබාධිත පුද්ගලයෙකු වීම
අවශ්ය ලිපි ලේඛන
- ඉල්ලීම් ලිපිය
- අබල වූවන් පිලිබඳ වාර්තාව
- ග්රාම නිළධාරි සහතිකය
- ආබාධිතභාවය පිලිබඳ වෛද්ය වාර්තාව
- කාර්මික නිළධාරි ඇස්තමේන්තුව
අඩු ආදායම්ලාභී පවුල් වලට / ආබාධ සහිත වූවන්ට නිවාස ආධාර ලබාදීම
අවශ්ය සුදුසුකම්
අඩු ආදායම්ලාභී පවුලක්වීම හෝ අබාධිත අයෙකු පවුල තුල සිටීම
ඉඩමේ අයිතිය තිබීම
නිවසක් නොමැති හෝ වාසය කරන නිවාස අබලන් තත්වයේ පැවතීම
අවශ්ය ලිපි ලේඛන
ඉල්ලීම් ලිපිය
අදාළ අයදුම්පත
අබල වූවන් පිලිබඳ වාර්තාව
ග්රාම නිලධාරි සහතිකය
අබාධිතභාවය පිලිබඳ වෛද්ය වාර්තාව
කාර්මික නිළධාරි ඇස්තමේන්තුව
නියාදන සාදන පත්රයේ පසු උරුමය නම් කිරීම
ඉදිරිපත් කළයුතු ලිපි ලේඛන
- නියාදන සාදන පත්රයේ ඡායා පිටපත
- නියාසන සාදන පත්රයේ පත්ඉරු සටහන ( මාස 03ක් ඇතුලත විය යුතුයි.)
- පසු උරුම කරුවන්ගේ / මුල් උරුමකරුවන්ගේ ඉල්ලීම් ලිපිය
- පසු උරුමය නම් කර ඇත්නම් නමි කරන ලද ආකෘතිය
- ඉල්ලුම්කරු දරුවෙක් නම් මුල් උරුමකරුගේ උප්පැන්න සහතිකයේ මුල්පිටපත
- ඉල්ලුම්කරු කලත්රයා නම් / මුල් උරුමකරුගේ විවාහ සහතිකයේ මුල් පිටපත
- නම්වල වෙනසක් ඇත්නම් දිවුරුම් ප්රකාශය
- නියාදන සාදනපත්රකරුගේ හා කලත්රයාගේ මරණ සහතිනසේ මුල් පිටපත
- කලත්රයා මුල් උරුමය ඉල්ලා සිටින්නේ නම් වෙනත් විවාහයක් කර නොමැති බවට දිවුරුම් ප්රකාශයක්
නියාදන සාදන පත්රයේ අනුප්රාප්තිකයෙකු නම් කිරීම
ඉල්ලුම්පත්රය සමඟ ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන
- නියාදන සාදන පත්රයේ ඡායා පිටපතක් ( ග්රාම නිලධාරි විසින් සහතික කළ යුතුය)
- පත් ඉරු සටහන ( සාම 03ක් ඇතුලත විය යුතුය)
- අනුප්රාප්තිකයෙකු නම් කරන දරුවාගේ උප්පැන්න සහතික වල පිටපත් හා මුල් පිටපත්
- අනුප්රාප්තික නම් කරන්නේ කලත්රයාව නම් විවාහ සහතික වල පිටපතක්
- නමේ වෙනස්කම් ඇත්නම් දිවුරුම් ප්රකාශයක්
- නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉ.කො.නි.සා 02 පිටපත් 04ක්
ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ ලබාදී ඇති දීමනාපත්රයක මුල් උරුමය සහතික කිරීම
ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන
- ඉල්ලීම් ලිපිය
- දීමනාපත්රයේ පිටපත
- පත්ඉරු පිටපත (දීමනාපත්රෙය් මුල් ලියාපදිංචියේ සිට අවසානය දක්වා)
- දීමනාපත්රකරුගේ මරණ සහතික මුල් පිටපත
- දීමනාපත්රකරුගේ කලත්රයාගේ මරණ සහතික පිටපත
- ඉල්ලුම්කරු දීමනාපත්රකරැට ඇති ඥාතීත්වය සනාථ කිරීමේ ලේඛනය උප්පැන්න/විවාහ සහතික
- උප්පැන්න/විවාහ සහතික නොමැති අවස්ථාවල නීත්යානුකූල උරුමකරු බවට සනාථ කෙරෙන දිවුරුම් ප්රකාශ
- පසු උරුමය නම් කර ඇති අවස්ථාවල ඉ.කො. 155 ආකෘතිය
- නීත්යානුකූල උරුමකරු බවට සනාථ කෙරෙන දිවුරුම් ප්රකාශ
- ඉදිරිපත් කරන ලේඛන වල නම් වෙනසට දිවුරුම් ප්රකාශ
- ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම්පත් පිටපත
- ග්රාම නිලධාරී සහතික කල ආකෘතිය
* සැ.යු: මරණ සහතික/උප්පැන්න සහතික නොමැති අවස්ථාවල ලේඛණ සෙවීමේ හිස් ප්රතිඵල සටහන සමඟ දිවුරුම් ප්රකාශයක් ඉදිරිපත් කරන්න.
ආකෘතිපත්රය බාගත කරන්න ![]()
ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ ලබාදී ඇති දීමනාපත්රයක/බලපත්රයක පසු උරුමය නම්කිරීම
ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන
- දීමනාපත්රය/පැවරුම් ඔප්පුව/මුල් උරුම ලේඛන ඡායා පිටපත්
- ඉඩමට අදාල සම්පූර්ණ පත් ඉරු නම් කරන පසු උරුමකරැවන්ගේ ජාතික හැදුනුම්පත් ඡායා පිටපත්
- පසු උරුමකරැවන්ගේ ඥාතිත්වය සනාත කිරීම සදහා උප්පැන්න සහතික /විවාහ සහතික/ඉඩම් රෙජිස්ටාර්ගෙන් ලබාගත් මුල් පිටපත්
- නම්වල වෙනසක් ඇත්නම් දිවුරුම් ප්රකාශ
- උපදෙස් පරිදි නිවැරදිව සම්පූර්ණ කරන ලද අනුප්රාප්තිය නම් කිරීමේ ආකෘති පත්ර
- පිඹුරක් (ප්ලෑනක්) අනුව නම් කිරීම සිදුකරන්නේ නම් එහි පිටපතක්
- ග්රාම නිලධාරී නිර්දේශය
* සැ.යු. :ඡායා පිටපත් සියල්ල ග්රාම නිලධාරී විසින් සත්ය පිටපතක් ලෙස සහතික කරවා ගෙන ඉදිරිපත් කරන්න.
ආකෘතිපත්රය බාගත කරන්න ![]()
ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ ලබාදී ඇති දීමනාපත්රයක ජීවිත භුක්තිය ඉල්ලීම
දීමනාපත්ර ඉඩමක ජීවිත භුක්තිය සදහා පහත සදහන් ලියවිලි සමග අදාළ ආකෘතිපත්ර ඉදිරිපත් කල යුතුයි.මෙම ආකෘති සම්පූර්ණ කර ගැනීමට සහ ඒ සදහා අවශ්ය උපදෙස් වසමේ ග්රාම නිලධාරී මගින් ලබාගත හැකිය.
- ජීවිත භුක්තිය ලබාගැනීම සදහා ප්රාදේශීය ලේකම්ගෙන් කරන ඉල්ලීම් ලිපිය ග්රාම නිලධාරී මගින් සහතික කර ඉදිරිපත් කල යුතුයි.
- දීමනා පත්රයේ ග්රාම නිලධාරී විසින් සහතික කල පිටපත
- දීමනාපත්රයට අදාළ පත්ඉරුවේ මුල් පිටපත ඉදිරිපත් කල යුතු අතර මෙම පත්ඉරුව දීමනාපත්රය අතිගරු ජනාධිපති තුමාගේ අත්සනින් යුතුව මුලින්ම ලියාපදිංචි කල දිනයේ සිට වර්ථමානයේ ලියාපදිංචිය දක්වා වූ සියලුම කාලය තුල පත්ඉරු ඉදිරිපත් කල යුතුය.
- දීමනාපත්රකරුගේ මරණ සහතිකයේ පිටපත
- විවාහ සහතිකය
- ජීවිත භුක්තිය ඉල්ලුම්කරුගේ ග්රාම නිලධාරී මගින් සහතික කල ජාතික හැදුනුම්පත් පිටපත
- උපත්,විවාහ සහ මරණ ලේඛණ ලියාපදිංචිය නොමැති අවස්ථාවල ලේඛණ සේවිමේ හිස් ප්රතිපල සටහන සමග විධිමත් දිවුරුම් ප්රකාශයක් ඉදිරිපත් කල යුතුය(හිස් ප්රතිඵල සටහනේ එහි ඇතුලත් තොරතුරු සනාථ කිරීමට රු:50/= ක මුද්දර මත අත්සන් කල සමාදාන විනිශ්චයකාරයෙකු මගින් සහතික කල දිවුරුම් ප්රකාශයක් සහ ග්රාම නිලධාරි වාර්ථාවක් ඉදිරිපත් කල යුතුයි. ග්රාම නිලධාරි වාර්ථාව මෙම කොට්ඨාශයට අයත් නොවේ නම් අදාළ ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්රාදේශීය ලේකම් මගින් අනු අත්සන් කරවා ඉදිරිපත් කල යුතුය)
- විවාහ සහතිකය නොමැති අවස්ථාවල දරුවෙකුගේ උප්පැන්න සහතිකයක ග්රාම නිලධාරී සහතික කල පිටපත
- හිස් ප්රතිඵල සටහනේ එහි ඇතුලත් තොරතුරු සනාථ කිරීමට රු..50/= මුද්දර මත අත්සන් කල සමාදාන විනිශ්චයකාරයෙකු මගින් සහතික කල දිවුරුම් ප්රකාශයක් සහ ග්රාම නිලධාරී වාර්ථාවක් ඉදිරිපත් කල යුතුයි .(ග්රාම නිලධාරී වාර්ථාව මෙම කොට්ඨාශයට අයත් නොවේ නම් අදාළ ප්රාදේශිය ලේකම් කොට්ඨාශයේ ප්රාදේශිය ලේකම් මගින් අනු අත්සන් කරවා ඉදිරිපත් කල යුතුය)
- ඉදිරිපත් කරන ලේඛන වල සදහන් තොරතුරුවල වෙනසක් ඇත්නම් නම් වෙනස සදහා රු.50/= මුද්දරයක් මත අත්සන් කල සාමදාන විනිශ්චයකාරවරයෙකු මගින් සහතික කල දිවුරුම් ප්රකාශයක් සහ ග්රාම නිලධාරී වාර්තාවක් ඉදිරිපත් කල යුතුය.
- ජාතික හැදුනුම්පතේ ග්රාම නිලධාරි සහතික කල පිටපත.
ආකෘතිපත්රය බාගත කරන්න ![]()
දීමනාපත්රයට/පැවරුම් ඔප්පුවට අදාල ඉඩම/ඉඩමේ කොටසක් පවරාගැනීම
- ඉඩම් පැවරීම සදහා ප්රාදේශීය ලේකම්ගෙන් කරන ඉල්ලීම් ලිපිය ග්රාම නිලධාරි මගින් සහතික කර ඉදිරිපත් කළ යුතුය. සම්පූර්ණ ඉඩම පවරන්නේ නම් ඒ බවද, ඉඩමෙන් කොටසක් පවරන්නේ නම් පවරන ඉඩම් ප්රමාණයද ඉල්ලීම් ලිපියට ඇතුලත් කල යුතුය.
- දීමනාපත්රයේ ග්රාම නිලධාරි විසින් සහතික කල පිටපත
- දීමනාපත්රයට අදාල පත්ඉරුවේ මුල් පිටපත ඉදිරිපත් කළ යුතු අතර, පත්ඉරුව දීමනාපත්රය අතිගරු ජනාධිපති තුමාගේ අත්සනින් යුතුව මුලින්ම ලියාපදිංචි කල දින සිට වර්තමාන ලියාපදිංචිය දක්වා වූ සියළුම කාලය තුල පත්ඉරු විය යුතුය.
- පැවැරුම්කරුට පවරන ඉඩම හැර වෙනත් ඉඩම් තිබෙන බවට සනාථ කිරීම සදහා ඔප්පු පිටපත හා එයට අදාළ පත්ඉරුව(ඉඩමෙන් කොටසක් පවරන්නේ නම් පැවැරුම්කරුට වෙනත් ඉඩම් තිබෙන බව සනාථ කිරීම සදහා ලේඛණ ඉදිරිපත් කිරීම අවශ්ය නොවේ.)
- ඉඩම පවරන්නේ ඥාතියෙකුට නම්
(දරුවෙකුට/මුණුපුරෙකුට/මිණිපිරියකට/සහෝදරයෙකුට/සහෝදරියෙකුට) ඥාතිත්වය සනාථ කිරීමට ලේඛණ ඉදිරිපත් කළ යුතුය. - ඉඩම පැවැරීම සම්බන්ධව කලත්රයාගේ සහ දරුවන්ගේ කැමැත්ත ප්රකාශිත ලිපි ග්රාම නිලධාරිමගින් සහතික කර ඉදිරිපත් කල යුතුය.
- කලත්රයා බව සනාථ කිරීම සදහා විවාහ සහතිකයේ මුල් පිටපතක්
දරුවන් බව සනාථ කිරීම සදහා උප්පැන්න සහතික වල මුල් පිටපත් - කැමැත්ත ප්රකාශිත ලිපි ඉදිරිපත් කිරීමේදී එම අය මෙම කොට්ඨාශයේ පදිංචි නොමැති නම් පදිංචි වසමේ ග්රාම නිලධාරි මගින් සහතික කර එම කොට්ඨාශයේ ප්රාදේශිය ලේකම් මගින් අනු අත්සන් කරවා ඉදිරිපත් කල යුතුය.
- කලත්රයා සහ දරුවන් මිය ගොස් නම් ඒ බව සනාථ කිරීමට මරණ සහතික පිටපත් ග්රාම නිලධාරි මගින් සහතික කර ඉදිරිපත් කළ යුතුය.
- ඉඩම නිරවුල්ව භුක්ති විදින බවට ග්රාම නිලධාරි මගින් සහතික කරන ලද ලිපිය.
- පැවැරුම්ලාභියාට වෙනත් ඉඩම් නොමැති බවට ලබාගත් ලිපිය(මෙම කොට්ඨාශයට අදාළ නොවේ නම් එය අදාළ කොට්ඨාශයේ ප්රාදේශීය ලේකම් මගින් අනු අත්සන් කරවා ඉදිරිපත් කල යුතුය)
- ඉදිරිපත් කරන ලේඛණ වල නම් වල වෙනසක් ඇත්නම් නම් වෙනස සදහා රු:50 ක මුද්දරයක් මත අත්සන් කල සමාදාන විනිශ්චයකාරවරයෙකු මගින් සහතික කල දිවුරුම් ප්රකාශයක්
- උපන් විවාහ සහ මරණ ලේඛන ලියාපදිංචි වී නොමැති අවස්ථාවල ලේඛණ සෙවීමේ හිස් ප්රතිඵල සටහන සමග දිවුරුම් ප්රකාශයක් ඉදිරිපත් කල යුතුය.
- පැවැරුම්කරුගේ සහ පැවැරුම්ලාභියාගේ ජාතික හැදුනුම්පත් පිටපත් ග්රාම නිලධාරි මගින් සහතික කර ඉදිරිපත් කල යුතුය.
- පැවැරුම්ලාභියාට වෙනත් ඉඩම් නොමැති බවට ඔහු විසින් ප්රකාශිත දිවුරුම් ප්රකාශයක් දිවයිනටම සාමවිනිසුරුවරයෙකු මගින් සහතික කර ඉදිරිපත් කල යුතුය.
- පැවැරුම්ලාභියා ඉඩම පිහිටි වසමෙහි නොමැතිව වෙනත් වසමක පදිංචි නම් පැවැරුම්ලාභියාගේ සහ කලත්රයාගේ ආදායම/වෙනත් ඉඩම් නොමැති බවට පදිංචි වසමෙන් ලබාගත් ග්රාම නිලධාරි වාර්තා අදාළ ප්රාදේශීය ලේකම් මගින් අනු අත්සන් කර ඉදිරිපත් කළ යුතුය.
- පැවැරුම්ලාභියා අවිවාහක නම් දෙමාපියන්ගේ ආදායම, දෙමාපියන්ට ඇති වෙනත් ඉඩම් පිළිබද පදිංචි වසමෙන් ලබාගත් ග්රාම නිලධාරි වාර්තා අදාළ ප්රාදේශීය ලේකම් මගින් අනු අත්සන් කර ඉදිරිපත් කල යුතුය.
ආකෘතිපත්රය බාගත කරන්න ![]()
දීමනාපත්ර ඉඩමක් මුල්ය ආයතනයක ඇපයට තැබීමට
ඉ.සං.ආ. පනත යටතේ දීමනාපත්රයක් ඇපයට තැබීම සදහා පහත සදහන් ලියවිලි සමග අදාල ආකෘතිපත්ර ඉදිරිපත් කල යුතුයි. මෙම ආකෘති සම්පූර්ණකර ගැනීමට සහ ඒ සදහා අවශ්ය උපදෙස් වසමේ ග්රාමනිලධාරි මගින් ලබාගත හැකිය.
- ඇපයට තැබීම සදහා ප්රාදේශීය ලේකම්ගෙන් කරන ඉල්ලීම් ලිපිය ග්රාම නිලධාරි මගින් සහතික කර ගත යුතුය.
- දීමනාපත්රයේ ග්රාමනිලධාරි විසින් සහතික කල පිටපත
- හිමිකම් සහතිකයක් ඇත්නම් එහි සහතික කරන ලද පිටපත
- ඉඩම් රෙජිස්ටාර් කාර්යාලයෙන් ලබාගත් පත්ඉරුව
- බැංකුවෙන් ලබාගත් ලිපිය (අනුමත මුල්ය ආයතනයක් විය යුතුය)
- දීමනාපත්රකරුගේ ජාතික හැදුණුම්පතේ ග්රාමනිලධාරි සහතික කල පිටපත
- කලත්රයා හා දරුවන්ගේ කැමැත්ත ප්රකාශිත දිවුරුම්ප්රකාශ
ආකෘතිපත්රය බාගත කරන්න ![]()
පුවත් සහ සිදුවීම්
උකුවෙල ප්රාදේශීය ලේකම් කාර්යාලයේ අභ්යන්තර කටයුතු ඒකකය ස්ථාපිත කිරීම සහ පැමිණිලි බාරගැනීම
රාජ්ය සේවයේ සුප්රතිපත්තීන් තහවුරු කිරීම, දූෂණ විරෝධී...
ප්රධාන මෙනුව
අප හා සම්බන්ධවන්න
උකුවෙල ප්රාදේශීය ලේකම් කාර්යාලය,
උකුවෙල,
මාතලේ
ශ්රී ලංකාව.
+94 66 2244207
info@ukuwela.ds.gov.lk














